An Online Class Series By FAIROOS MUSADICK

Fairoos Musadick

දෙමළ ප්‍රශ්නය ඉවරයි

FM6-min

ෆයිරූස් මුසාදික්

ශ්‍රී ලාංකේය සිංහල දරුවන්ට දෙමළ භාෂාවේ නිම් වළලු පසුකරන්න ට වසර ගණනක සිට පාර කියන, ෆයිරූස් මුසාදික් නම් දෙමළ ගුරුවරයා ගැන නොදන්නා කෙනෙක් නොවෙන්න ට පුළුවන්. වසරක ගණනක ඉගෙනුම් ජීවිතය තුල ඔහු විසින් ඉගැන් වූ දහස් ගණනක් වන දරුවන් අතර සෑම තරාතිරකම දරුවන් වුනා

කෑගලු විද්‍යාලයෙන් ප්‍රාථමික හා ද්විතියික අධ්‍යාපනය ලැබු ෆයිරූස් මුසාදික් කෑගලු විද්‍යාලයේ දීප්තිමත් ආදි ශිෂ්‍යයෙක්. උසස් පෙල ගණිත අංශයෙන් හදාරා විශ්ව විද්‍යාලයට සුදුසුකම් ලැබුවද , ඉගැන්වීම ට ඇති උපන් හැකියාව නිසාම ඔහු තම විශ්ව විද්‍යාල සිහිනය ගුරු වෘත්තියට කැප කරනවා.

 

කැළණිය විශ්ව විද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවක්, චෙන්නායි කාමරාජ් විශ්ව විද්‍යාලයෙන් උසස් ඩිප්ලෝමාවක් හා උපාධියක් සතු නිපුණත්වයෙන් හා ඉගැන්වීමේ සහජ හැකියාවෙන් පිරිපුන් ගුරුවරයෙක් ද වන ෆයිරූස් මුසාදික් දැනට පෞද්ගලික් විශ්ව විද්‍යාලයක විද්‍යාවේදි උපාධියක්ද හදාරමින් සිටිනවා.

 

ශ්‍රි ලංකාවේ මුලින්ම දෙමළ භාෂා පාඨමාලා යන සංකල්පය හදුන්වා දීමේ ගෞරවය හිමිවන්නේ ද මොහුටයි. එපමනක් නොව නීරස වී තිබුන දෙමළ විෂය රසවත් ව, රසට උගන්වා ඉගෙන ගන්නා සෑම දරුවෙක්ට ම A සාමාර්ථ්‍යක් හා පරිපුර්ණ දෙමළ දැනුමක් ලබා දීමට කටයුතු කල සහ කරමින් සිටින ලංකාවේ දරුවන්ගේ දෙමළ භාෂා උත්තේජනය ලෙස ද ෆයිරූස් මුසාදික් හඳුන්වා දෙන්න පුළුවන්.

දැනට අවුරුදු 10 ක් පුරාවට දෙමළ පන්ති වල උගන්වා ඇති පළපුරුද්ද පමණක් ම නොව හෙතෙම  රාජ්‍ය භාෂා දෙපාර්තමේන්තුවේ රාජ්‍ය භාෂා අධ්‍යාපන හා පුහුණු ආයතනයේ කථිකාචාර්යවරයෙක් ලෙස ද කටයුතු කරනවා.

 

එපමණක් නොව,

උපන් දවසේ සිට කෑගල්ල තරණගල පන්සල පෙනෙන දුරින් ජිවත් වන ෆයිරූස් මුසාදික්  සිංහල, දෙමළ , මුස්ලිම් සියලු දෙනාගේම ආදරය දිනා ගත් අවංක ගුරුවරයෙක් . ජාති බේද , ආගම් බේද පතුරුවන කාලයක එකමුතුකම හා  සංහිදියාව තම දරුවන් අතර බෙදා දෙන්න ඔහු ගන්නේ අපමණ වෙහෙසක් !  

සියල්ලෝම මිනිසුන් ය යන සංකල්පයෙන් ම් පෙර ට යන ෆයිරූස් මුසාදික් භාෂාවේ සීමා මායිම් අතහැර ආදරේන් හැම අත් එකට අල්ලන්න වෙරදරන දේශයක ට අත්‍යවශ්‍ය ම ඖෂධයක්.

800 14 speaking Tamil f

New Intake

  • වයස් භේදයකින් තොරව සහභාගීවිය හැකි ෆයිරූස් මුසාදික් මෙහෙයවන ඔන්ලයින් දෙමළ ඩිප්ලෝමා පාඨමාළාව
  • පාඨමාළාව අවසානයේ පිළිගත් සහතික දෙකක්
  • පළමු දින නොමිලයේ සම්මන්ත්රණය පවත්වන බැවින් එදිනට සහභාගී වී වෙනස වටහා ගන්න

ආසාවෙන් දෙමළ ඉගෙන ගන්න

resultsheet

A සාමාර්ථ්‍ය ලාභීන්

මේ පාර දෙමළ වලට A අඩුයිලු (මිනිස්සු කියනවා) හැබැයි අපේ පන්තියේ ඇති තරම් A තියෙනවා

  • මුල සිට සරලව
  • පාඨමාලාව අවසානයේ පිලිගත් සහතික 02ක්
  • අකුරක්වත් නොදන්නා අයෙකුටද මෙය හදාරා A සාමාර්ථයක මට්ටමට ලගා විය හැකිය. සාක්ෂි සදහා අපගේ FACE BOOK Group එකේ ලමයින්ගේ අදහස් නිරීක්ෂණය කල හැක
  • වයස් භේදයකින් තොරව ඕනෑම අයකුට සහභාගි විය හැකිය
  • රැකියා වල නිරත අයට සහ මෙවර උසස් පෙළ/ සා පෙල ලියු සිසුන්ට හෝ ඕනෑම අයෙකුට සහභාගි විය හැකිය.
  • අපගේ නොමිලේ පැවැත්වු සම්මන්ත්‍රණ දෙකෙහි විඩියෝ දෙක නරඹා පාඩම් කටයුතු සම්පුර්ණ කර අකුරු සම්බන්ධ ගැටලු මගහරවා ගත හැක. එය නරඹා ඉන්පසුව පන්තිය සමග සම්බන්ධ වන්න.

Vision

භාෂාව සියල්ලන් එක් කරයි !

Mission

මිනිසුන්ට එකතුවීමට ඇති භාෂාමය සීමා වූ යුගය අවසන් කර සැම අනේකා ව තේරුම් ගන්නා හෙටක් නිර්මාණය කරමු

  • මුල සිට සරලව

    අපි කියලා දෙනවා මුල සිට සරලව

  • දෙමළ භාෂාව

    වැඩිම A සාමාර්ථ්‍ය

  • 2011 සිට 30,000කට අධික

    ශිෂ්‍ය ශිෂ්‍යාවන් පිරිසක්

Testimonials

What My Students Say?

9 වසරෙන් පටන් අරන් අවුරුදු 3 ක් සර්ගෙන් ඉගෙන් ගත්ත විෂය
කරුණු වලට වඩා ජීවිතය
හදා ගන්න දුන්න අවවාද
සල්ලි පස්සේ යන්නේ නැති
අකුරටම වැඩ කරන
යාතාර්ත්‍ය පෙන්වා දීපු
හැමදාම අපිව අත් නොහැරපු
කියලා දෙන අකුරක් ගානේ
හිතට වදින්න කියලා දුන්නු
ඔන්ලයින් තුළ සජීවී බව
ඉහලින්ම තිබූ එක්ම පන්තිය
වාසනවන්තයි සර් අපි සර්ගෙන්
ඉගෙන් ගන්න ..
Thank you sir for
brilliant support
Tamil I ve got a A Pass

Upadhya Harshamali

KG/MW/Sujatha V.

සර් උගන්නපු විදිහ සුපිරියි සර්. ගොඩක් මූලික ව්‍යාකරණ වගේ දේවල් හොඳටම මතක හිටියා. සර්ගෙ වචන ? නිසා තමයි සමහර කරුණු අමතක නොවී තිබුණේ. පන්තියත් boring වුණේ නෑ කවදාවත් ඉස්කෝලේ ඇරිලා ක්ලාස් ගිය කාලේවත්. සර් කරපු විහිළු කතා තමයි. සර් උගන්නන විදිහ නම් සුපිරියි. රචනාවක් තනියම ලියාගන්න පුළුවන් වෙන්න ව්‍යාකරණ හදපු විදිය, වචන මතක තිබුණා තනියමත්.
ඒ හැම දේකටම ගොඩක් ස්තුතියි සර්.... ?

Vidumini Eldeniya

9A

මම සර්ගේ class ආවේ 10 ඉදන්. ගොඩක් අය කියනවා දෙමළ අමාරුයි කියලා. ඒත් ඒක එහෙම නෑ කියලා තේරුනේ සර්ගේ class ආවට පස්සේ. සර් ඕනිම කෙනෙක්ට තේරෙන විදිහට හරි සරලව උගන්නනවා. එහෙම භාෂාවක් උගන්නන එක ලේසි නෑ. මටත් OL වල දෙමළ වලට A තියෙනවා. ඒ ඉතින් සර් නිසා තමයි. දෙමළ වලට A එකක් ගන්න තැනට යනකන් සර්ගේ හරි ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා. සර් කියන විදිහට වැඩ කලොත් A එකක් sure තමයි. සර් හැමවෙලේම ළමයි පස්සෙන්ම ඉන්නවා. හැම ළමයෙක් ගැනම හොයල බලනවා.වැඩ කලේ නැත්තම් ගහනවත් එක්ක. Corona ආවට පස්සෙත් අනේ corona නෙ class කරන්න බැනේ කියලා සර් බල බල හිටියේ නෑ. Physical class නවත්තනවත් එක්කම online class පටන්ගත්තා. එක දවසක්වත් මගහැරෙන්න දුන්නේ නෑ. අමතර class පවා කලා. අනිත් online class වගේ නෙවෙයි. සර් අපිට camera on කරන්න කියලා ළමයි වැඩ කරනවද කියලා හොයල බැලුවා. සර් අපිට විෂය විතරක් නෙවෙයි ජිවිතෙත් කියලා දුන්නා. සර් අපිත් එක්ක හිටියේ යාලුවෙක් වගේ. සර් නිසා දෙමළ වලට A ගත්ත වගේම ජිවිතේ ගොඩ ගිය ළමයිනුත් ගොඩක් ඇති. ඉතින් සර්ගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

Nipuni Dulanjali

Pinnawala Central