What My Students Say

Testimonials

සර්ට ඉස්සෙල්ලාම ගොඩාක් පිං !!! මට අනුකම්පා කරලා free card ekk ඉල්ලපු ගමන් දුන්න එකට දහස් වාරයක් ස්තූතියි වෙනවා!!! මට ඇත්තටම o/l exam එකෙන් දෙමල විෂයට A එකක් ගන්න පුළුවන් වුනේ සර්ගේ ක්ලාස් එකට මුල ඉදන්ම ආපු නිසා .... ඇත්තටම සර් අපිට ගහ ගහා බැන බැන සර් දුන්න වැඩ හරියටම කරාද කියල බැලුවා..මුල ඉදන්ම දෙමළ වාක්‍ය ලියන හැටි සරලව කියලා දීලා අන්තිමේදී රචනා, ලියුම් , අත්පත්‍රිකා ලියන හැටි , ඒ මාතෘකාවට ගැලපෙන ලෙස ඒ සිද්දියට අදාළ වන විදිහට හිතන්න පුරුදු කරලා උක්තාක්‍යාත නිවැරැදිව යොදලා හරියටම රචනා ලියන්න පුරුදු කලා හැමෝම වගේ අමාරුයි කියල හිතපු දෙමළ විෂය අපිට ඉතා පහසුවෙන් A එකක් ගන්න පුළුවන් විෂයක් කියලා ඔප්පු කලා. ඒ ඒ පාඩම් සරල තේරෙන විදිහට විහිලු කතා කියලා අවබෝධ කරමින් තනි තනිවම පන්තිය තුල past paper ලියවමින් විභාගයට සාර්තකව උත්තර ලියලා පොඩි පොඩි mistake පවා කියලා දීලා paper එකට ලකුණු ගන්න හැටි කියල දීලා හැමතිස්සේම තමන්ගේ අරමුණ වෙත ලගා වෙන්න උපදෙස් දීලා අපිව හැමතිස්සේම දිරිමත් කලා... සහෝදරයෙක් වගේ හැම ප්‍රශ්නයකට උදව් කලා...... මම සර්ට ප්‍රාර්ථනා කරනවා ඉදිරියටත් තව තවත් ළමයින්ට තමන්ගේ සාර්ථකත්වයට ලගා වෙන්න ගුරු හරුකම් ලබා දෙන්න ශක්තිය ල් ලැබෙන්න කියල ප්‍රාර්ථනා කරනවා !!!!!!!!!!!!!!!!!

විභාග අංකය 62456679

මයුරපාද ජාතික පාසල

මම සර්ගේ class ආවේ 10 ඉදන්. ගොඩක් අය කියනවා දෙමළ අමාරුයි කියලා. ඒත් ඒක එහෙම නෑ කියලා තේරුනේ සර්ගේ class ආවට පස්සේ. සර් ඕනිම කෙනෙක්ට තේරෙන විදිහට හරි සරලව උගන්නනවා. එහෙම භාෂාවක් උගන්නන එක ලේසි නෑ. මටත් OL වල දෙමළ වලට A තියෙනවා. ඒ ඉතින් සර් නිසා තමයි. දෙමළ වලට A එකක් ගන්න තැනට යනකන් සර්ගේ හරි ලස්සන වැඩ පිළිවෙලක් තියෙනවා. සර් කියන විදිහට වැඩ කලොත් A එකක් sure තමයි. සර් හැමවෙලේම ළමයි පස්සෙන්ම ඉන්නවා. හැම ළමයෙක් ගැනම හොයල බලනවා.වැඩ කලේ නැත්තම් ගහනවත් එක්ක. Corona ආවට පස්සෙත් අනේ corona නෙ class කරන්න බැනේ කියලා සර් බල බල හිටියේ නෑ. Physical class නවත්තනවත් එක්කම online class පටන්ගත්තා. එක දවසක්වත් මගහැරෙන්න දුන්නේ නෑ. අමතර class පවා කලා. අනිත් online class වගේ නෙවෙයි. සර් අපිට camera on කරන්න කියලා ළමයි වැඩ කරනවද කියලා හොයල බැලුවා. සර් අපිට විෂය විතරක් නෙවෙයි ජිවිතෙත් කියලා දුන්නා. සර් අපිත් එක්ක හිටියේ යාලුවෙක් වගේ. සර් නිසා දෙමළ වලට A ගත්ත වගේම ජිවිතේ ගොඩ ගිය ළමයිනුත් ගොඩක් ඇති. ඉතින් සර්ගේ හැම වැඩ කටයුත්තක්ම සාර්ථක වෙන්න කියලා හදවතින්ම ප්‍රාර්ථනා කරනවා....

Nipuni Dulanjali

62484060 - Pinnawala central

සර් උගන්නපු විදිහ සුපිරියි සර්. ගොඩක් මූලික ව්‍යාකරණ වගේ දේවල් හොඳටම මතක හිටියා. සර්ගෙ වචන ? නිසා තමයි සමහර කරුණු අමතක නොවී තිබුණේ. පන්තියත් boring වුණේ නෑ කවදාවත් ඉස්කෝලේ ඇරිලා ක්ලාස් ගිය කාලේවත්. සර් කරපු විහිළු කතා තමයි. සර් උගන්නන විදිහ නම් සුපිරියි. රචනාවක් තනියම ලියාගන්න පුළුවන් වෙන්න ව්‍යාකරණ හදපු විදිය, වචන මතක තිබුණා තනියමත්.
ඒ හැම දේකටම ගොඩක් ස්තුතියි සර්.... ?

Vidumini Eldeniya

62502964

ඇත්තටම සර් අපිට කියල දුන්නෙ දෙමළ විතරක් නෙවේ. සර් කියපු හැමදෙයකම තිබ්බෙ අපිට ජීවිතේ හරි පාරේ ඉස්සරහට යන්න ඕන කරන උපදෙස්. මම සර්ගෙ ක්ලාස් ආවෙ 9 වසරෙ ඉදල. මගෙ යාළුවෝ තමා මට සර් ගැන කිව්වෙ. ක්ලාස් ආවට පස්සෙ හිතුන අපරාදෙ කලින් ආවෙ නැත්තෙ කියල. සර් හින්ද තමා ඇත්තටම අපි ගොඩගියෙ සර්.සර්ට ඇත්තටම ගොඩාක් පින් සර්. ? අපිට පොතේ දැනුම වගේම ජීවිතයත් කියල දුන්න සර් කෙනෙක්.

Pinnwala Central College

62483340

☆මන් සර්ගෙ පන්ති ගියේ 8 වසරෙ ඉදන්.. හැමෝම කිව්ව සර්ගෙ පන්තිය ගොඩක් හොදයි කියල.. ඉතින් මාත් ගිහින් බැලුව අත්තටම කියන තරම් හොදයිද කියල බලන්න. මන් ගියපු පලවෙනි දවසෙම මට තේරුනා අත්තටම පන්තිය ගොඩක් හොදයි කියල.. අවුරුදු 4ක් පන්ති ගියත් පන්තිය කවදාවත් boring උනේ නෑ.. සර් පාඩම් ටිකත් සේරම එකක් නෑර හොදටම කරා.. අපි හරියට වැඩ කරේ නැතත් කොහොම හරි සර් අපිට බලෙන් හරි පාඩම් කරවල වැඩ ටික කෙරෙව්ව.. පන්තියෙදි විහිලුවක් කරගෙන් විනෝදයෙන් වැඩ ටිකත් හරියට කරා.. සරුත් අපිට තාත්ත කෙනෙක් වගෙ තමයි හැමදාම කිව්වෙ හොදට වැඩටික කරගෙන කොහොම හරි ජිවිතෙ ගොඩ දාගනින් කියල.. කරපු හැම දේකටම ගොඩක් ස්තූතිය සර්..? කවදාවත් අපේ පන්තියවත් සර්වත් අමතක වෙන්නෙ නෑ..✨️

Kegalu Vidyalaya

62532219

Thank you so much Sir.. සර් නිසා තමයි..මේ Results එක අයිති සර්ටමයී..කවදාවත් Tamil ඉගෙනගෙන තිබුණේ නෑ...class එකේ වැඩ ටික හරියටම කරා..MCQ Paper එකේ 40ම හරිගියා මගේ..ලියන එකත් හොදටම ලිව්වා..මොකද සර් හරියටම කියලා දුන්නු නිසා Theory... ගොඩාක් ස්තූතියි සර්...මගේ ආගමේ හැටියට කියනවා නම් ගොඩාක්ම පිං සර්... ?????????

Kavisha Gihani

61031445

මම නම් ක්ලාස් එකට ආවෙ 10 වසරෙ අන්තිමේදි වගේ... මං කලින් එන්ඩ බයේ හිටියෙ සර් සැර ඇති කියල හිතලා? ඒත් කොහොම හරි ක්ලාස් එකට ආවා.ආවට පස්සෙ තමයි දන්නෙ ඉතින් සර් මෙච්චරම හොද කෙනෙක් කියල.ඒ දවස්වල හිතට වැදෙන්නම ඉගෙන ගත්තා සුපිරියට? දෙමල කියන විෂය කරන්නත් බයක් තිබ්බා ඒත් ඒක කොහොමහරි කරගන්නත් ඕනෙ හිතුනා? මම මේ ක්ලාස් එකට මගදි ඇවිල්ලත් A එකක් ගන්න පුළුවන් උනා...ඇත්තටම ඒ සර් හින්දා තමයි එදා ඉදන් සර් කියපු විදිහට වැඩ කරපු හින්දම තමයි?
සර් ඉගැන්නුවා විතරක් නෙවෙයි අපිට ජීවිතෙත් කියල දුන්නා,සමාජෙ ජීවත් වෙන විදිහත් කියලා දුන්නා? ඒවගේම සර් කියලා දුන්නෙ "mind එක හදාගෙන targets වලට යන්න"කියලා?♥️....අපේ ජීවිතේ හීන කියල දෙයක් නෑ ,තියෙන්න ඕනෙ targets විතරමයි කියලා අපිට කියල දුන්නෙ...?
self confidence,positive thinking ගැන උනත් කියල දීලා අපිව මාරම විදිහට දිරිමත් කරේ...
"එයාට පුළුවන් නම් ඇයි අපිට බැරි කියල හිතන්න" කීවා?
අවුරුද්දක් වගේ කාලයක් ක්ලාස් එකේ හිටියෙ, ඒත් ඒ කාලෙ ගොඩාක් සුන්දර උනා... ක්ලාස් එකේ ඉද්දි කම්මැලි හිතෙන්නෙත් නෑ සර් කියන කතාවලට? මොනව උනත් සර්නම් මාරම හිතට වැදුන ගුරුවරයෙක්?❤️

හදවත නතර උන එකම දෙමළ ක්ලාස් එක ෆයිරූස් සර්ගෙ ක්ලාස් එක තමයි ඉතින්?♥️??....

St.joseph's Balika M.V

62503030

සර්,
මම සර්ගෙ පන්ති ආවෙ මාවනැල්ල විශ්ව අධ්‍යාපන ආයතනයේ 8 ශ්‍රේණියේ ඉදන්,8 නම් අපිට පන්ති කරේ සර් ගෙ නංගි, ඒත් ඒ වෙලාවටම සර් එහා පැත්තේ ශාලාවෙ 9 ශ්‍රේණියේ අයට උගන්නනවා මම අවුරුද්ද ම හොරෙන් බලන් හිටියේ 9 පන්තියට ඇවිත් සර්ගෙන් ඉගෙනගන්න පුදුම ආසාවකින්

8, 9 , 10 ,11 අවුරුදු හතරම සර් අපිට ඉගැන්නුවේ දෙමළ විෂය
විතරක්ම නෙවෙයි සර්,ජීවිතේට මුහුණ දෙන විදිහ,අපේ හැසිරීම ,හැගීම්,විනය පවත්වාගන්න විදිහ ,අපි ඉලක්ක කරා යන විදිහ හරි අපූරුවට උදාහරණ එක්කම අපිට ගොඩාක් සමීප කරේ සර්ගෙ පන්තියෙන් ,ඒ හැමදේම හරිම ආදරයෙන් ගොඩාක්ම සංයමයකින් සර් අපිට කියල දුන්නා,සර් ගුරුවරයෙක් විතරක්ම නෙවෙයි අපිට තාත්තෙක්,සහෝදරයෙක් ගොඩාක්ම අපිට ගොඩාක් හිතවත් යාලුවෙක් වගේ අපි ළගින් ම ඉදන් විශයට අදාළ වගේම විෂය බාහිරවත් ප්‍රශ්න වලට ගැටලු වලට මුහුණ දෙන විදිහ කියල දුන්නා,,ඒවට තනිවම උත්තර හොයන්න අපිට මග පෙන්නුවා

ඊටත් වඩා සර් අපිට හැමවෙලේම දුන්න දිරිගැන්වීම එදා වගේම අදටත් හොදටම මතකයි සර්,,ඒක අපි හිටපු තැනින් අඩියෙන් අඩිය ඉහළට එන්න එදට් අදත් ඉස්සරහටත් මග පෙන්නනවා, ඉස්කෝලෙ වාර විභාග වලින් ලකුණු ගන්න, ඒ ලකුණු සර්ට ගෙනත් පෙන්නලා මට ලකුණු මෙච්චර යි කියල කියන්න, කිව්වම මාර උනන්දුවක් ඇති වුණා සර්,,දෙමළ වලටම 100 න් 100 ම තිබ්බ අවස්ථා වලට ඒක ලොකු Motivation එකක් වුණා ඒ වගේම හොද ලකුණු ගත්තම සර් ඒකට දුන්න ඇගයීම අපිව තවත් උනන්දු කළා,වැඩිය තේරුණේ නැති වුණත් පන්තියේ අපි අපි අතරම තරගකාරි බවක් ගොඩනැගෙන්න ඒක හේතුවක් වෙන්න ඇති,,ඒ නිසාම වෙන්න ඕනි මට ආගමට භාෂාවට වඩා හැමදාම දෙමළ විෂයට ලකුණු උපරිමයෙන් තිබුණා,අපි සර් නිසා සර්ගෙ ඉගැන්වීමේ ක්‍රමය නිසා දෙමළ වලට ඇබ්බැහි වුණා කිව්වොත් මන් හිතනවා මන් හරි කියල.
දෙමළ විෂයට විතරක්ම නෙවෙයි හැම විෂයකට ම වැඩි ලකුණු ගන්න පාඩම් කරන්න,වැඩ කරන්න සර් පන්තියේදි අපිට නිතර නිතර කියල දුන්නා,සර්ගේ ඉගැන්වීමේ රටාව යමක් කියලදීමෙ හැකියාවෙ විශිෂ්ටකම ආකර්ෂණීයභාවය නිසාම අදත් හැමවෙලේම උගන්නද්දි පාවිච්චි කරපු වචන උදාහරණ මතකෙ තියෙනවා සර්,,අපි පන්තියේ කොයිම වෙලාවකවත් අකමැත්තෙන් කල් ගෙවපු වෙලාවක් හොයාගන්නම නැති තරම් ඒ තරමට අපි සර්ගේ දෙමළ පන්තියට ආදරය කළා,

සාමාන්‍ය පෙළට දෙමළ විෂය තෝරගන්න කලින් සර්ගෙන් මම ඇහුවම සර් වචන කීපයයි කිව්වෙ,
උඹ දාපන් භය නැතුව මම ඉන්නවානෙ
ඒ එදා කිව්ව වචන ටික ගැන එක දශමෙකින්වත් සැකයක් හිතන්න සර් පොඩ්ඩක්වත් ඉඩතිබ්බෙම නැහැ,,ඒ වචන ටික එක්කම අපිට යන්න ඕනෙ පාර හරියටම පෙන්නන්න සර්ට පුලුවන් වුණා,,අදත් එදා විෂය තෝරගෙන ඒ විෂය ඉගෙනගන්න අපිට සර්ගෙ පන්තිය ලැබුණ එක ගැන හදවතින්ම සතුටු වෙනවා.

සර් වෙන ආගමක තමයි ඒත් මට මගෙ යාලුවොන්ට ඒක දැනුණෙම නැති තරම්,අපි පුරුද්දට සර්ට වදිද්දි ඔලුව අතගාල බුදු සරණයි කියද්දි ඒක අපිට ගොඩාක් සර් ව දැනුණ අවස්ථාවක් වුණා.ඒ තරමට සර් නිහතමානී වුණා,අපිට ආදර්ශයක් වුණා.

කියන්නම ඕනි දෙයක් කියන්නම් සර්, සර් දුන්න ගෙදර වැඩක් දෙමළ ලියුම් 7ක් ලියන් එන්න මට අමතක වෙලා අත් දෙකටම වේවැල් පාරවල් 7 ක් හම්බුණා , එදා තමා මම මෙච්චර කාලෙකට ගුරුවරයෙක් ගෙන් ගුටි කාපු පළවෙනි අවස්ථාව සහ ඒක ජීවිතේ අමතක නොවෙනම අවස්ථාවක් වුණේ ඒ වෙලාවෙමයි,ඉතින් අන්න එහෙමයි සර් අපිව හැදුවේ.
සර් අපිට දුන්න දේවල් වල ප්‍රතිඵලය අපෙ අතට ලැබෙද්දි,, ඒ ගැන දැනගත්තම අපිටත් වඩා සර් සතුටු වෙන්න ඇති,දෙමළ විෂය ඇතුළුව විෂයන් 9 ටම A සාමාර්ථ 9 ක් ගන්න මට සර් යෝධ සෙවණැල්ලක් වුණා,,

සර් වගේ ගුරුවරයෙක් ලබන්න අපි වාසනාවන්ත ඇති,අපි වගේම අනිත් නංගිලා මල්ලිලාට,සර්ගෙන් ඉගෙන ගන්න හැමෝටම ඒ වාසනාව ලැබෙනවා

තවත් ඉදිරියට බොහෝ පිරිසකගේ නෙත් පාදන්න සර්ට ශක්තිය ධෙර්‍ය වාසනාව වගේම
සර්ට දීර්ඝායුෂ ලැබේවා!!
කියල පාර්ථනා කරමින් නවතින්නම්...........

ආශිංෂනි කැටකුඹුර

64172589 - 2020 O/L Batch